News

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට - මුදල් රාජ්‍ය ඇමති

රුපියල ශක්තිමත්වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

කෙසේ වෙතත් විනිමය අනුපාතය වෙළඳ පොල ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බවට අවබෝධ කරගැනීම වැදගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය හඳුනාගනිමින් රජය ගත් ආර්ථිකය ස්ථාවර කිරීමේ පියවරයන් මේ වනවිට සාර්ථක වී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සියලු පියවරයන් හමුවේ රට නව සංවර්ධන මාවතකට අවතීර්ණ වන බවයි.

Scroll to Top