News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් මැයි දිනයෙන් පසු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් මැයි දිනයෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව වාරණයකට ලක්ව සිටින එහි වැඩබලන සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අද කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව පැවසූ අතර එම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.

විශාරද කලාසූරී ප්‍රවීණ ලේඛිකා ආචාර්ය දිවානි හෙට්ටිගේ විසින් රචිත සිසු ගුරු ඉගෙනුම් සන්නිවේදන ක්‍රම සහ සාරධර්ම ප්‍රවර්ධනය නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු වූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරු හා හිටපු සංවිධායකවරු ඇතුළු පිරිසක් ගම්පහදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

Scroll to Top