News

ජර්මන් අහසේ පුපුරා ගිය ග්‍රහකය ගැන නවතම හෙළිදරව්වක්

ජර්මනියට ඉහළ අහසේ පුපුරා ගිය ග්‍රහකය මෙතෙක් පෘථිවිය සමීපයෙන් නිරීක්ෂණය කළ සියලුම වස්තූන්වලට වඩා වැඩි වේගයකින් භ්‍රමණය වෙමින් පැවති බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

2024 බී එක්ස් එක ලෙස නම්කර තිබූ මෙම ග්‍රහකය බර්ලින් නුවරට ඉහළින් වායුගෝලයට ඇතුළු වී තිබුණේ පසුගිය ජනවාරි 21 වැනිදා අලු‍යමයි.

පැයට කිලෝමීටර 50,000ක වේගයෙන් ඇදී ආ ග්‍රහකයා සෑම තත්පර 2.6කට වරක් තමා වටා භ්‍රමණය වෙමින් වටයක් සම්පූර්ණ කර තිබෙනවා.

එය මෙතෙක් වාර්තා වී ඇති ග්‍රහකයක් සතු වැඩිම භ්‍රමණ වේගය බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙතරම් කුඩා ග්‍රහකයක් පෘථිවියට ගැටෙන බවට හදුනාගනු ලබන්නේ වායුගෝලයට ඇතුළු වූ පසුවයි.

කෙසේ වෙතත් මෙම ග්‍රහකයා වායුගෝලයට ඇතුළු වීමට පැය 3කට පමණ පෙර නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබුණා.

Scroll to Top