News

ගුවන් තැපෑලෙන් දිවයිනට එවූ කෝටි 08ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

ගුවන් තැපැල් මගින් (Cargo) මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1.1ක් (1.1kg) සහ මැන්ඩි කිලෝ 1.1ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 08කට වැඩි බවද සඳහන්.

මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ, කටුනායක ගුවත්තොටුපළේ ගබඩාවකින්.

Scroll to Top