News

පළාත් සභා ගැන ආණ්ඩුකාරවරුන්ගෙන් ජනපති යෝජනා ඉල්ලයි

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට කඩිනමින් යෝජනාවලියක් සකස් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි.

පළාත් සභා යටතේ පවතින අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවල පුරප්පාඩු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම, නව දේශපාලන සංස්කෘතියක් පිළිබදව ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතු බවයි ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ.

Scroll to Top