News

"ඇත්තටම මම බයයි" - ඩඩ්ලි සිරිසේන

ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන්න් අතර සාකච්ඡාවක් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ර්‍ර්ට සහබාගී වී සිටි ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමිකරුවකුවන ඩඩ්ලි සිරිසේන පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ තමා මුල සිටම සිටියේ ජනාධිපතිවරයාගේ මතයේම බවයි.

‍රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරකයින් කිහිපදෙනෙක් වෙලඳපොළට සහල් නිකුත් කිරීම නතර කිරීම හේතුවෙන් රටතුළ සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවද ඔහු සඳහන් කළා.

මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකට තමන් ඇත්තටම බියක් දක්වන බවයි.

Scroll to Top