News

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ - ජනපති

සහල් පාලන මිලෙහි වෙනසක් සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් මෝල් හිමියන් සමඟ අද (22) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත්, ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Scroll to Top