News

දැලේ පැටලුණ කිලෝ 3000ක යෝධ මෝරා

කිලෝග්‍රෑම් 3,000ක් පමණ බරැති යෝධ මෝරෙකු අද (22) උදේ අම්පාර නින්දවූර් ප්‍රදේශයට නුදුරු මුහුදේදී ධීවර දැලකට හසුව තිබෙනවා.

දැලේ පැටලුණු මෝරා නිසා අල්ලාගත් මත්ස්‍යයින් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව ධීවරයින් අපහසුතාවට පත්වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර එම යෝධ මෝරා ගැඹුරු මුහුදට රැගෙන යාමට නොහැකිව ධීවරයෝ දැඩි කලකිරීමකට පත්ව සිටියා.

ඒ සමගම පොලිසිය, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බළකාය එක්ව මෝරා ගැඹුරු මුහුදට යැවීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

Scroll to Top