News

පුටින්ව බදාගෙන මෝදි කරපු ඉල්ලීම

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (22) රුසියාවේ පැවති BRICS සමුළුවේ දී ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවුණා.

එහිදී එකිනෙකා බදාගනිමින් සුහද කතාබහක නිරත වීම විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගැනීමට සමත්වුනා.

ඉන්දීය අග්‍රමාත්‍යවරයා සහ රුසියානු ජනපති පුටින් අතර පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවේදී ඉන්දීය අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, පවතින ගැටුම්වලට සාමකාමී විසඳුම් අවශ්‍ය බවට තමන් විශ්වාස කරන බවයි.

එමෙන්ම රුසියානු - යුක්‍රේන ගැටුම තමන් තරයේ හෙළා දකින බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එහිදී ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

"අපි රුසියාව - යුක්රේනය ගැටුමට සම්බන්ධ සියලු පාර්ශව සමඟම සම්බන්ධ වී සිටියෙමු. සියලු ගැටුම් සාකච්ඡා මගින් විසඳිය හැකි බව එය හැම විටම අපගේ ස්ථාවරයයි. ගැටුම්වලට සාමකාමී විසඳුම් තිබිය යුතුයි යැයි අපි විශ්වාස කරමු. සාමය ලබා ගැනීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව සෑම විටම සූදානම්" ලෙසයි.

Scroll to Top