News

වේල්සයේ දුම්රිය දෙකක් ගැටී අයෙක් මරුට,15කට තුවාල

වේල්සයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂවට පත්ව තිබෙනවා.

එමෙන්ම මෙම අනතුරින් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව බ්‍රිතාන්‍ය පුවත් සේවය වාර්තා කරනවා.

දුම්රියන් දෙකක් තනි දුම්රිය මාර්ගයක ධාවනය කිරීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

සඳුදා (21) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙන බවයි බ්‍රිතාන්‍ය (BTP) පුවත් සේවය ප්‍රකාශ කර ඇත්තේ.

Scroll to Top