News

ලලිත් - කුගන් නඩුවට හිටපු ජනාධිපති ගෝඨාභය යාපනය අධිකරණයට සාක්ෂි දෙන්න බෑ කියයි

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයකදී එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මේ බව දැනුම් දුන්නා.

Scroll to Top