News

සර්ෆ් ක්‍රීඩාව අතරතුර මත්ස්‍ය ප්‍රහාරයකින් ක්‍රීඩිකාවක් මරුට

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් රළ පැදීමේ දී තියුණු මත්ස්‍යයෙකු පහර දීමෙන් වූ අනතුරකින් රළ මත ලිස්සා යාමේ නියුතු ඉතාලි ජාතික කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Giulia Manfrini නම් 36 හැවිරිදි ඇය දුරස්ථ දූපත් දාමයක් වන Mentawai දූපත්වල ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

ඇයට පහර දුන් මත්ස්‍යා swordfish මැයෙන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම පහර දීමෙන් ඇයගේ පපුවේ ඉහළ වම් කොටසේ සෙන්ටිමීටර පහක් පමණ ගැඹුරට තුවාල සිදුව ඇති බවයි.

Scroll to Top