News

කුරුණෑගල විදේශ සේවා කාර්යාංශය නොසන්සුන් කළ රට සිහින අවනඩුව (වීඩියෝ)

රුමේනියාවේ සහ මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කුරුණෑගල පිහිටි විදේශ රැකියා ආයතනයකට එරෙහිව පැමිණිලි කිරීමට පිරිසක් විදේශ සේවා කාර්යාංශයේ කුරුණෑගල කාර්යාලය වෙත පැමිණියා.

තමන්ට සිදුවී ඇති වංචාව පිළිබඳ පැහැදිලි කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළත් කිහිප දෙනෙකුට පමණක් ඊට අවසර දීමටයි නිලධාරීන් පියවර ගෙන තිබුණේ.

අදාල පිරිස එහිදී නොසන්සුන් ලෙස හැසිරුණු අතර එම පිරිස රූගත කිරීමට පැමිණි අයෙකු සමගද බහින්බස් වීමක් ඇතිවුණා.



Scroll to Top