News

රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ සඳුදා දිනයට සමගාමීව අද (22) දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.61 සිට රු. 288.65 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 297.60 සිට රු. 297.65 ක්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති අතර, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

Scroll to Top