පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹින් ගිලිහී ගිය ජයග්‍රහණය මෙම මැතිවරණයේදී ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (28) සලකුණ දේශපාලන වැඩවසටහනට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
අපි ජනාධිපති මැතිවරණයේදී කොළඹ නගරය අපි ජයග්‍රහණය කරා ජනාධිපති මැතිවරණයේදී. අපි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි නැවත වතාවක් කොළඹ නගරයේ අපි පරාජයට පත් වුණා ඡන්ද හතළිස් දාහක වගේ ප්‍රමාණයකින්. මේ නගර සභා මැතිවරණයේදී විශේෂයෙන්ම මේක පවත්වන්නේ ආණ්ඩුව බලයට ඇවිල්ලා මාස හයක වගේ කාලයක් තුළ. ඒ මාස හයේ කාලය තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාව යම් ප්‍රමාණයකට කඩා වැටිලා තියෙනවා. ඒ හින්දා තමයි අපිට පේනවා ජනාධිපතිතුමා රට වටේ ගිහිල්ලා නැවත ඒ ආකර්ෂණය ගන්න බලනවා. ඊළඟට ජනාධිපතිතුමා දාන මුදල් ප්‍රශ්න, අරක දෙන්නෑ, මේක දෙන්නෑ කිය කිය පේනවා. ආණ්ඩුවට මේ ඡන්දෙදි විශාල ප්‍රමාණයක ඡන්ද අඩු වෙන බව. ඒ හින්දා අපිට විශාල විශ්වාසයක් තියෙනවා නගරය ඇතුලේ අපි පාර්ලිමේන්තු මැතිවරණය අපේ අතින් ගිලිහී ගිය කොළඹ නගරය අපි ඉදිරිපත් කරලා තිබෙන මේ කණ්ඩායම අරගෙන බැලුවොත් හොඳ කණ්ඩායමක්, අත්දැකීම් තිබෙන දිනන්න පුළුවන් කණ්ඩායමක්. ඒ හින්දා මම විශ්වාස කරනවා. අපිට එනවා මේ පාර අපිට මේක ජයග්‍රහණය කරගන්න පුළුවන්.