ලොව විශාලතම බහලු නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා පැමිණ තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලු නෞකාව ලෙසින් මෙය හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
2023 වර්ෂයේ දී නිෂ්පාදිත මෙම MSC MARIELLA බහලු නෞකාව දිගින් මීටර් 399.90ක් වන අතර නෞකාවේ පළල මීටර් 61.30ක්.
එමෙන්ම නෞකාව ටොන් 240739ක ධාරිතාවයකින් සමන්විතයි.
එම නෞකාවේ රැගෙන යා හැකි බහලු ධාරිතාව 24246ක් බව සඳහන්.
මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත පැමිණීමෙන් එම පර්යන්තය සතු අතිවිශාල බහලු නෞකා මෙහෙයවීමේ ශක්‍යතාවය තහවුරු වනවා.