News

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (29) පස්වරු 04.00ට අවසන් වුණා.

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ මේ අනූව අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අවසන් වන බවයි.

මේ අතර තැපැල් ඡන්දය සලකුණු නොකළ පිරිස් වෙත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට පුද්ගලයින් 648,495 ක් සුදුසුකම් ලබා තිබෙනවා.

මේ ආකාරයට දින 04ක් පුරා පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීම සාමාකාමි අයුරින් සිදුවූ බවයි පැෆ්රල් සංවිධානය පවසන්නේ.

මේ අනූව ඡන්දය භාවිත කිරීම ඉතා ප්‍රශස්ත මට්ටමක පැවති බවයි පැෆ්රල් සංවිධානය පැවසුවේ.

පළමු දින තැපැල් ඡන්දය භාවිත කිරීම 60% ඉක්මවා තිබූ අතර දින 4ක කාලය තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ මට්ටමක පැවැති බවයි පැවසෙන්නේ.

Scroll to Top