විදුලිය පිරිවැය - ප්‍රතිසාධන මිලකරණය සහ ස්වයංක්‍රීය විදුලි මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය IMF රජයට අවධාරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙවර ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ලබා දෙන සිව් වැනි වාරිකයේ සමාලෝචනය පිළිබඳ දැනුවත් කරමින්.