පෘථීවියේ වනාන්තර අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ මෙහෙයුමක් වෙනුවෙන් Biomass නම් චන්ද්‍රිකාව අද දිනයේ අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතයි.
මෙවැනි වර්ගයේ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම සිදුකරනු ලබන්නේ ද පළමුවරටයි.
පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 666ක් ඉහළින් කක්ෂගත කරනු ලබන Biomass චන්ද්‍රිකාවේ ඇති මීටර් 12ක විශ්කම්භයෙන් යුත් ඇන්ටනාව හරහා පෘථිවියේ වනාන්තර සිතියම් ගත කිරීම සිදුකරනු ලබනවා.
මෙමගින් ශාක කොපමණ උසකට පවතිද මෙන්ම වනාන්තර ඝනත්වය වැනි දත්ත එක්රැස් කර ගැනීම ද සිදුවනවා.
මේවන තෙක් පෘථිවියේ වැසි වනාන්තරවල ඇති ට්‍රිලියන 1.5ක් වන ශාක මගින් ගබඩාකරගෙන ඇති කාබන් ප්‍රමාණය ගණනය කිරීමටද නොහැකිව තිබෙනවා.
කෙසේ වෙතත් Biomass චන්ද්‍රිකාව හරහා විද්‍යාඥයින්ට දේශගුණික විපර්යාසයන් වඩාත් නිවැරදිව ආදර්ශනය කිරීමටද හැකි අතර වන විනාශයේ අනුපාතය පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ.